අපි Typing
1
2
ආයුබෝවන්!
අපි Typing?
මේක සිංහලෙන් ටයිප් සෙටින් වැඩක් කරගන්න ඕනි අය වෙනුවෙන් වැඩ කරන තැනක්. සිංහලෙන් ලියූ පේපර්, පොත් හෝ යම් යම් දෑ පරිගණක ආධාරයෙන් ටයිප් කරගැනීමට අවශ්‍යයයි නම් ඔබට මේ තැන බොහෝදුරට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. පේපර්, ටියුට් වැනි දෑ කොමියුනිකේෂන් හරහා ටයිප් කරගත් විට ඒවා අන් අය සතු වීම, වැයවන මුදල වැඩිවීම වැනි ගැටළු නිසා මෙවැනි සේවයක් ඔබට අතිශයින් වැදගත් විය හැක.
සැලකිලිමත් වන්න!
අප දැනට ටයිප් කිරීම සඳහා භාවිතා කරන Font වර්ග වන්නේ Fm-Abhaya සහ Fm-Bindumathi වන අතර එයින් කැමති එකක් ඔබ විසින් ලබා දිය යුතුය. ටයිප් කර අවසන් කල පිටු ඔබට ලබා ගත හැක්කේ Word සහ PDF අකාරයට පමණි. තවද යම් කිසි ව්‍යාපෘතියක් අප හට ලබාදී සුළු මොහොතකින් එය අවශ්‍ය නොමැති යැයි සිතුනහොත් අප හට කරුණාකර එය දැනුම් දෙන්න. නැතිනම් ඔබ පිළිබඳ ඇති විශ්වාසය කඩ විය හැක.
සම්බන්ධ කරගන්නේ කෙසේද?
අපිත් එක්ක සම්බන්ධ වෙන්න ක්‍රම කිහිපයක්ම තියෙනව. එකක් තමයි ඉහත ලබා දී තිබෙන facebook පිටුව හරහා අප සමග සම්බන්ධ වීම. ඊලඟ ක්‍රමය තමයි අපේ Twitter පිටුව හරහා අප සමග සම්බන්ධ වීම. තවත් ක්‍රමයක් තමයි අප විසින් ලබාදී ඇති Email ලිපිනය හරහා අප සමග සම්බන්ධ වීම. ඉහත සඳහන් කල ඕනෑම ක්‍රමයකින් ඉතාම පහසුවෙන් සහ ඉක්මනින් ඔබට අප සමග සම්බන්ධ විය හැක. Fake නොවන එකවුන්ට් වලින් සම්බන්ධ වීමට කාරුණික වන්න.
ව්‍යාපෘතිය එවිය යුතු ආකාරය?
ව්‍යාපෘතියක් එවන විට ඒවා එවිය යුත්තේ පැහැදිලිව ස්කෑන් කල හෝ ලබාගත් ඡායාරූප වශයෙනි. ඔබ එවන පින්තූර වල අකුරක් පාසා හොඳින් පැහැදිලි විය යුතුය. පින්තූර සියල්ල එකතු කර Zip ගොණුවක් ලෙස සකසා එවනවානම් එය ඔබටත් අපටත් පහසුවකි. අපගේ facebook පිටුවට මැසෙන්ජර් හරහා ගොණුව අප්ලෝඩ් කර හෝ Email හරහා අමුණා එවිය හැකි අතර ගොණුව විශාලයිනම් Mediafire වැනි සේවාවක් හරහා එවීම ඔබට කල හැකියි.
ගණුදෙනු ගැන?
අයකිරීම් සිදුවෙන්නෙ තිබෙන පිටු ගණනට වගේම දැනට මුදල් ගෙවීම් කරන්න තියෙන්නෙ Dialog EasyCash හරහා පමණයි. පිටුවකට අයකිරීම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 40.00ක් වන අතර සම්පූර්ණ මුදල ගෙවිය යුතු වන්නේ ලබාදුන් ව්‍යාපෘතිය ආපසු බාරගන්නා අවස්ථාවේදී පමණයි. ඔබ ලබාදෙන ව්‍යාපෘතියේ ස්වභාවය අනුව මිල ගණන් වෙනස් විය හැකි බැවින් ඒ පිළිබඳව මැසෙන්ජර් හරහා අපව සම්බන්ධ කරගන්න.
සැකයි වගෙද?
ඔයාලට අපි ගැන යම්කිසි සැකයක් තියෙනවනම් එකවර මුදල් ගෙවන්නැතුව අපිත් එක්ක සම්බන්ධ වෙලා පිටු 10න් 10ට වගෙ මුදල් ගෙවල ලබාගන්න පුලුවන්. තව එකක් ඔයාල කැමති තැනකින් තනි පිටුවක් ඉල්ලීමෙන් අප ගැන විශ්වාසය තහවුරු කර ගන්නත් පුලුවන්.
Email : apityping@gmail.com
FB : facebook.com/ApiTyping
01. මේකට පුංචි ටූල් එකක් තියෙනව ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒකෙ නම WinRar. සමහර විට ඔයා දැනටමත් ඕක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න පුලුවන්. කොහොමත් වින්රාර් කියන්නෙ ගොඩක් අයට නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක්නෙ. www.rarlab.com/download.htm කියන ලින්ක් එකට ගිහින් වින්රාර් ටූල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයා ලඟ නැත්නම්.

02. ෆයිල් ටික සිප් කරන්න මහ ලොකු අමාරුවක් නෑ. කරන්න තියෙන්නෙ ඕනි ෆයිල් ටික සිලෙක්ට් කරගන්න, ඊටපස්සෙ මවුස් ඒකෙ රයිට් බට්න් එක ක්ලික් කරන්න, Add to archive කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න, ඊටපස්සෙ පොඩි වින්ඩෝස් එකක් ඕපන් වෙයි, ඒකෙ ෆයිල් එකට ඕනි නම වෙනස් කරල, Zip කියල තියෙන ඔප්ෂන් බට්න් එක සිලෙක්ට් කරල Ok බ්ට්න් එක ක්ලික් කරන්න. සිප් වෙලා ඉවර උනාට පස්සෙ ෆයිල් එක අපිට එවන්න.
මීඩියාෆයර් කියන්නෙ ලොකු ලොකු ෆයිල් අප්ලෝඩ් කරල බෙදාහරින්න පුලුවන් තැනක්. ලේසියෙන් කරගන්න පුලුවන් පොට් එකක්. ප්‍රශ්නයක් නෑනෙ ඉතිං සල්ලි ගෙවන්නත් ඕනි නෑනෙ. කාටත් ලේසි වෙන්න ඔයාගෙ ෆයිල් එක ලොකුනං, මං කිව්වෙ මෙගාබයිට් 20ට වගෙ වැඩිය තියෙනවනම් ඊමේල් හරහා ඩිරෙක්ට් එවනවට වඩා මේ වගේ සේවාවක් හරහා එවන එක ගොඩක් හොඳයි. ඔබටත් ලේසියි, අපටත් ලේසියි. www.mediafire.com කියන්නෙ එයාලගෙ වෙබ් අඩවිය. එතනට ගිහින් මුලින්ම ගිණුමක් විවෘත කරගන්න, ඊටපස්සෙ ෆයිල් එක අප්ලෝඩ් කරගන්න. ගිණුමක් නැතත් Upload කියන බට්න් එක ක්ලික් කරල තාවකාලික අප්ලෝඩ් කිරීමක් විදිහට අප්ලෝඩ් කරල එවන්නත් පුලුවන්.
EasyCash කියන්නෙ ඩයලොග් මාධ්‍ය ජාලය මගින් කරගෙන යන මුදල් හුවමාරු කටයුත්තක්. මෙය දැනට බැංකු සමග සම්බන්ධ වෙලා තියෙන්නෙ මං හිතන්නෙ. ඔයාලට අපිට මුදල් ගෙවන්න පුලුවන් එකම විදිහත් දැනට මේක විතරක් වෙන හින්ද මේ ව්ස්තරය ගොඩක් වැදගත් වෙයි.

EasyCash සේවාවෙන් ගණුදෙනු කරන්න හරිම ලේසියි. මොකද මේකට බැංකු ගානෙ රස්තියාදු වෙන්න ඕන නෑ. දැනට තියෙන බහුතරයක් කමියුනිකේෂන් මෙයට සහය දක්වනවා. ඒක හින්ද ඒ වගෙ කමියුනිකේෂන් එකකට ගිහින් අප විසින් ඔබට ලබාදෙන දුරකථන අංකයට අදාල මුදල ඊසි-කෑෂ් කරන්න කිව්වනං, එයාල ඉක්මනට ඔය වැඩේ කරල දෙනව. අමතර මුදලක් අයකරන්නෙ නෑ. මුදල් යැවුවායැයි සනාථ කරමින් රිසිට් පතකුත් හම්බෙනව.